තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයින් ඉහළට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඊයේ (21) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අතර විදේශිකයන් තුන් දෙනෙකුද සිටින අතර ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයෙකුද වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගත වූ මාසයක කාලය තුළ තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් නිරන්තරයෙන් කොරෝනා නියැදි පරීක්ෂණ සිදු කරන බවත්,කොරෝනා එන්නතේ ප්‍රතිශක්තීකරණ තත්වය සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරන බවට තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Exit mobile version