සහතිකයක් නිකුත් කිරීම සදහා අල්ලස් ගත් රජයේ නිලධාරියෙකුට ඊයේ (25) කොළඹ මහාධිකරණයෙන් දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පාරිසරික ආරක්ෂණ සහ අනුකූලතා සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගෙන තිබේ.
අදාළ සැකකරුට අධි චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇති අතර එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩ මුදලක් නියම කර ඇති අතර වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවම වසර 5කට අත්හිටුවා ඇති බව සඳහන්.
