ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයේ නිළ තේමා පටය එළිදක්වයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිළ තේමා පටය ඊයේ (20) එළි දක්වා ඇති බව වාර්තා වේ .

මෙම නිළ වීඩියෝපටය සඳහා මෙරට දග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් , බොලිවුඩ් නළු ශාරුක් ඛාන් , හිටපු ක්‍රීඩකයින් වන ජොන්ට් රෝඩ්ස් , ඉයන් මෝර්ගන් , ජේ.පී.ඩුමිනි , දිනේෂ් කාර්තික් රංගන දායකත්වය දැක්වූ බව සඳහන් වේ.

ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියට දින 77 ක් පමණ ඉතිරිව තිබියදී මෙලෙස නිල ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ලබන ඔක්තොම්බර් මස 05 වැනිදා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Exit mobile version