නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර බව පවසමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට නියෝග දුන් සිදුවීම සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
දුරකථන ඇමතුමකින් පිඨාධිපති වරයාට පවසා ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට බැන වැදීම හේතුවෙන් සිසුන් උද්ඝෝෂණයක් පැවැත් වීම සඳහා ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට සූදානම් කර ඇති බවත් ඒ සඳහා තමන් වරෙන්තුවක් ලබාගෙන ඇති නිසා විශ්වවිද්‍යාලයෙන් නිකුත් කර ඇති සියලුම ලිපි ලේඛන උපකුලපතිට භාරදී පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර සඳහන් කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටීමෙන් එම ඇමතුම ලබාදුන් බව යි.