පොලිස් දඩපොතේ පිටු අතුරුදහන් .

ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් භාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50ක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

උප ලේඛන පත්‍රිකා 01 සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදහන්ව ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

රථවාහන අංශ මේ සම්බන්ධයෙන් නිකුත්කළ දැනුම්දීමකට අනුව ස්ථානාධිපතිවරයා විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව සදහන්.

Exit mobile version