කොළඹ 12, වේල්ල වීදිය ආසන්නයේ ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැමිණීමට නියමිත බවට සැලවීමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ .
ඔහු පැමිණෙන බවට සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් සාගල රත්නායක මහතාට විරෝධය පළ කිරීම සඳහා එම ස්ථානයට එක් රැස් වී සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ .
ඒ හේතුවෙන් එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර ජල ප්‍රහාරක බවුසර් ද කැඳවීමට පොලීසිය කටයුතු කර තිබෙන බව සදහන් .
