මෙරට මිටි දරුවන්ගේ ප්‍රතිශතය 5%කින් ඉහළට.

අවුරුදු 5 ත් 10 ත් අතර වයස්වල දරුවන්ගේ 21%ක්ව පැවති මිටිභාවය 2022 වර්ෂයේදී එය 5%ක වර්ධනයක් පෙන්වමින් 26% දක්වා වර්ධනය වී ඇති බව ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා කාර්‍යාලයේ සම්බන්ධිකාරක වෛද්‍ය කළණ පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම දරුවන් හට පොෂණය නිසි ආකාරයෙන් නොලැබුණහොත් ඔවුන්ගේ බුද්ධි වර්ධනය ද සීඝ්‍ර ලෙස අඩු විය හැකි බවත් , මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත්  රටෙහි දුවා දරුවන්ගේ අනාගතයට ප්‍රබල ලෙස බලපාන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version