වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පසුගිය 08 වනදා කුරුණෑගල රෝහලේ නේවාසික වාට්ටු අංක 72 හි සේවයේ නියුතුවසිටි වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව සදහන්වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු දඹුල්ල ප්‍රදේශයේ මාර්ගයක මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී සැකකරු ගමන්කරමින් සිටි මෝටර් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
