බස් රථයේ මාල කැඩූ පුද්ගලයා අත්අඩංගුවට .

උසස් පෙළ හදාරන සිසුවියකගේ රන්මාලය කොල්ලකෑ ව්‍යාපාරිකයෙකු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපකාර පංතියකට සහභාගි වී නැවත බස් රථයෙන් නිවස බලා එමින් සිටි අවස්ථාවේදී මෙම සැකකරු විසින් බස් රථය තුළදී සිසුවියගේ රන් මාලය කඩා ගෙන ගොස් ඇති බව සදහන්.

ඉන් පසු බස් රථයෙන් බැස පළා යමින් සිටි සැකකරු ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ.

මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Exit mobile version