ඇතින්නිය ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට .

අනවසර විදුලි රැහැන් ඇද ඊයේ (03) අළුයම ඇතින්නියක ඝාතනය කළ පුද්ගලයකු වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අද (04) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වසර 25ක් පමණ වයසැති ඇතින්නියක මෙලෙස විදුලි සැර වැදී මිය ගොස් ඇති බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version