මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම කල් යයි.

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට ශේෂ්ඨාධිකරණය නියෝග කළ බවට වාර්තා වේ.

පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීම සදහා මේ වසරේ අයවැය තුලින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය පසුගිය 3 වනදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබූ නමුත් එයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාල ලේඛන ගොනු කිරීමට කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව පංච පුද්ගල කමිටුව විසින් මෙම පෙත්සම සලකා බැලීම කල් දමා තිබේ.

Exit mobile version