කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී පැමිණිලිකරු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ , සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නැමැත්තෙකි.
මියගොස් ඇති තැනැත්තා කළුතර දකුණ පොලිසියේ ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබේ.
1990 සුව සැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කරනු ලබයි.
