පොලිස් කොස්තාපල්වරියක් විසින් පොලිස් ස්ථානය තුළදී තම සැමියාට සහ සැමියාගේ සොයුරියට පහර දී ඇති අතර පොලිස් කොස්තාපල්වරිය ඇතුළු අනෙක් දෙදෙනා අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අදාළ පොලිස් කොස්තාපල්වරිය විසින් ඇයගේ සැමියාට සහ සැමියාගේ සොයුරියට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අහංගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන් කලහකාරී ලෙස හැසිරී එය ගැටුමක් දක්වා දුර දිග ගොස් තිබේ.
එහිදී පොලිස් කොස්තාපල්වරිය ඇතුළු අනෙක් දෙදෙනා ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් තිදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
