ජපන් රටේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළා යැයි කියන අගලවත්ත පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවට විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය වාර්තා කරයි.
අගලවත්ත පොලිස් ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බව සදහන්.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයෙකුගේ බිරිඳක්ද ජපන් රැකියාවට යවන බව පවසා මුදල් වංචා කරගෙන ඇති බව සදහන්.
