මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයෙකුගේ නිවසේ කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිදිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
කාමරයේ සිටි පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී පොලිස් නිළ ඇඳුමක්, ඉණ පටියක්, පිස්තෝල රඳවනයක් සහ පොලිස් නිල හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයාගේ නිවසේ රැදී සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා එම නිවසට පැමිණි හේතුව ප්‍රකාශ කිරීමට නොහැකි වීම සහ ලබා දුන් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
