පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට .

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ පොලිස් සැරයන්වරයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය පොලිසියට අනුයුක්තව රාජකාරි සිදු කරන සැරයන්වරයෙකි.

පසුගිය අප්‍රේල් මස ලාහුගල පැවති බක්මහ සැණකෙළියකදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරි ලෙස මෙම සැරයන්වරයා හැසිරී ඇති බව සදහන්.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version