බොරු දාපු පොලීසියට විජයදාසගෙන් බේරුමක් නෑ.

2022 වර්ෂයේ පොලීසිවලින්  පරීක්ෂාව සදහා ඉදිරිපත් කර තිබූ මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක විස මත්ද්‍රව්‍ය බිදක්වත් ගෑවී නොමැති බව තහවුරු වී ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමතිගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version