පොලිසියේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොත අතුරුදන්.

රථවාහන රාජකාරි නිලධාරීන්ගේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පොත සොරාගත් සැකකරුවන් සොයා දෙහිඅත්තකන්ඩිය පොලිසිය විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ .

.පෙරේදා දින (17) දෙහිඅත්තකන්ඩිය නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයෙකු විසින් බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එම අවස්ථාවේ එම ස්ථානයට රැස් වූ විසි දෙනෙකුට අධික පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඒ අතරවාරයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරි යතුරුපැදියේ පැති බෑගයේ දමා තිබූ මෙම බලපත්‍ර පොත සොරා ගෙන ඇති බව සදහන් වේ.

Exit mobile version