තැපෑලේ වර්ජනය කල් යයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (25 ) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය හතළිස් අටක වර්ජනය සති දෙකකින් කල් දැමීමට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ඊයේ (24 ) තීරණය කළ බව වාර්තා වේ.

එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බවත් ඉදිරි දෙසතියේ දී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් එම ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ මහතා ප්‍රකාශ කර තිබේ.

රුපියල් විසි හයදහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, පවතින පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් එම පෙරමුණ ඉදිරිපත් කර ඇති බව සදහන්.

Exit mobile version