විදුලි බල ලොක්කෝ සමනල වැවේ ජලය නිරපරාදේ ඉවත් කරලා!. පුද්ගලික අංශයේ විදුලියෙන් ලොක්කන්ට කොමිස්!. ජලය ඉල්ලා නොලැබුණු විට ප්‍රචණ්ඩ වීම ත්‍රස්තක්‍රියාවක්!- පොලිසිය

ආර්ථික සංවර්ධනය, සාමාන්‍යයෙන් රටක ආහාර සැපයුමේ වැඩිදියුණු කිරීම් සහ ආහාරවල ඌනතාවයන් ක්‍රමානුකූලව තුරන් කිරීමත් සමඟම රටේ ජනගහනයේ සමස්ත පෝෂණ තත්ත්වය වැඩිදියුණු වේ.තවද, එය ආහාර නිෂ්පාදනය, සැකසීම, බෙදා හැරීම සහ අලෙවිකරණයේ ගුණාත්මක වෙනස්කම් ද ගෙන එයි. වැඩිවන නාගරීකරණය පුද්ගලයන්ගේ ආහාර රටාවන් සහ ජීවන රටා කෙරෙහි ද ප්‍රතිවිපාක ඇති කරනු ඇත, ඒවා සියල්ලම ධනාත්මක නොවේ.කෙසේ නමුත් රටක් පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම ආහාර අවශ්‍ය වේ.

ආර්ථික සංවර්ධනය තුලින් සමස්ත පෝෂණ තත්ත්වය වැඩි දියුණු වීම පිළිගත් න්‍යායක් වුවත්, මේ වන විට රටට බත සපයන ගොවි ජනතාව උග්‍ර ජල හිගයක පැටලී සිටිති. එම නිසා රට පුරා පවතින බොහෝ කුඹුරු පුරන්වෙමින් පවතී. කෙසේ නමුත් වලව ගොවිජන ව්‍යාපාරයට අයත් ගොවීන්ගේ කුඹුරු ආරක්ෂා කරගෙන සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතී. ඒ සමනල වැව ජලාශයෙන් සති දෙකක් පමණ උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීමෙනි.

ශ්‍රී ලංකාවේ වාරිමාර්ග අමාත්‍යවරයාට අනුව සමනල වැවෙන් ජලය ලබා දිය හැකි අතර එය මුදා හැරීමෙන් විදුලිබල පද්ධතියට හානියක් සිදු නොවේ. විදුලි බල අමාත්‍යවරයාට අනුව එය කල නොහැකිය. විදුලි බල අමාත්‍යවරයාට අනුව විදුලිය අවශ්‍ය වේ. ආහාර අවශ්‍ය නොවේ. මේ සියල්ලම අතරතුර වලවේ ගොවින් රට වටේ යන්නේ තම කුඹුරු ටික බේරාගෙන ණය තුරුස් ගෙවා ගැනීම සදහා සමනල වැවෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ඔවුන් ඊයේ (05) දින සමනල වැව ජලාශයේ පිවිසුම් දොරටුව අසලට පැමිණියේ සමනල වැවේ බලධාරීන් හමුවීමටය.

බලධාරීන් හමුවීමට ඉඩ නොදුන් නිසා කුපිතවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් – සහකාර පොලිස් අධිකාරි

ජලය ඉල්ලා සමනල වැවට පැමිණි වලව ගොවි ජනතාව එහි පැමිණියේ රුපියල් පනස්දහස බැගින් දී බස් රථ කුලියට රැගෙනය. එහි පැමිණි ඔවුන් ඉල්ලා සිටියේ සමනල වැවේ බලධාරියෙකු මුණ ගස්සන ලෙසයි.

එහි සිටි පොලිස් අධිකාරිවරයා මුලින් එයට එකඟ වූ නමුත් පසුව එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ පණිවිඩය පමණක් ලබා දෙන ලදී.

එහි පැමිණි බලධාරියෙක් නැති අතර සහකාර පොලිස් අධිකාරිවරයා දිගින් දිගටම ජනතාව සමග ගැටුම් ඇතිකරගත්තේ වුවමනාවෙනි. ඔවුන් එම කලාපයට ඇතුල් වුවහොත් ත්‍රස්තක්‍රියාවක් බවට සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජනතාව ඔහුට එරෙහිව දැඩි ප්‍රකාශ නිකුත් කළහ.

කරුණු කෙසේ වෙතත් වගකිව යුතු අමාත්‍යවරුන් සහ විදුලි ලොක්කන් මහජනතාව ඉදිරියට පොලිස් නිලධාරීන් යොමුකර ඔවුන් අතර ගැටුම් ඇතිකරවීම මහපොළව නුහුලන අපරාධයක් වන්නේ, මේ ජනතාවට ජලය නොලැබුණ විට ගොවිතැනට ලබාගැනීමට නොහැකිව ඔවුන් දුක් විඳින බැවිනි. මේ ජනතාවගේ මුවින් පිටවන්නේ අනාගත ශෝකලාපයයි.

සමනල වැවේ බලධාරීන්ට පලා යාමට පොලීසිය උපකාර කරයි!

ඒ අතර සමනල වැව පරිශ්‍රයේ සිට පැමිණි ඇති සුඛෝපභෝගි රථයක් සමග තවත් වාහන කිහිපයක් පිවිසුමෙන් පිටවීමට පැමිණි අතර ජනතාව ඔවුන්ට ඉවත්වීමට ඉඩ ලබා නොදුන්නේය.එබැවින් එයටද පොලිස් අධිකාරිවරයා ජනතාව සමග ගැටුම් ඇතිකරගැනීමට උත්සාහ කලේය.ජනතාව ප්‍රකාශ කලේ එම රථවල සිටින්නේ ඔවුන් හමුවීමට පැමිණි අයවලුන් බැවින් ඔවුන් සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසයි. සහකාර පොලිස් අධිකාරිවරයා වරින් වර ගැටුම් ඇති කරගැනීමට උත්සාහ කරන අතරතුර ඔවුන්ට ඉවත්ව යාමට ඉඩ ලබා දීමට රැස්ව සිටි ජනතාව ඉඩ ලබා දුන්නත් සහකාර පොලිස් අධිකාරිවරයා ගැටුමකට අර අදිමින් සිටියේය.

ඔවුන් ඉවත්ව ගිය පසු සහකාර පොලිස් අධිකාරිවරයාගේ තත්ත්වය තව තවත් දරුණු අතට පත් විය. එසේම ජනතාවද ඔහු සමග ආරවුල් ඇතිකරගත්තේ බලධාරීන් සමග ලබා දෙන බව ප්‍රකාශ කල සාකච්ඡාව ලබා නොදුන් බැවිනි.නමුත් සහකාර පොලිස් අධිකාරිවරයාට කල යුතුව තිබුණේ සමනල වැවට අදාළ බලධාරීන් ගෙන්වා සාකච්ඡාවක් ලබා දීම පමණි..

නමුත් ඔහු ඒ වෙනුවට සිදුකලේ ජනතාව සමග ගැටුම් ඇතිකර ගැනීමය. ඔහුගේ ක්‍රියාකලාපය ඉඩි අමින් සේ විය.

සමනල වැවේ කිංචි ගුණේ චෛත්‍යයත් මතු වෙයි!

මේ සියල්ලම මෙසේ සිදුවන විට මෙම සමනල වැව නිර්මාණය කිරීමේදී දිය යට සැඟ වී ගිය කිංචි ගුණේ චෛත්‍යයත් මතුව තිබෙන බව අප මීට පෙර වාර්තා කලේය. එය මෙසේ මතුව තිබෙන්නේ අවුරුදු 23 කට පසුව බව කිය වේ.

බලධාරීන් හමුවන්න සදුදට එන්න – පොලිසිය

මහජනතාව ජලය ඉල්ලන්නේ රටට බත සපයන්නටය. දිනෙන් දින විනාශවන ගොවිතැන රැකගැනීමට දගලන ඔවුන්ට නිවාඩු දින නැත. ඔවුන්ගේ ජිවන මාර්ගය එයයි. ඔවුන්ට නිවාඩු දින නොමැති නිසා ඔවුන් සෙනසුරාදාද පැමිණියහ.

නමුත් ඔවුන් එදින පැමිණෙන බව පෙරදිනම බුද්ධි අංශ වර්තා කළේය. බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දෙන බව පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා දහවල් 1 ට පමණ ප්‍රකාශ කලේ සෙනසුරාදා, සදුදා පැමිණෙන ලෙසයි.

ඔහුකල යුතුව තිබුණේ බුද්ධියෙන් කටයුතුකර, නිලධාරියෙක් සමග සාකච්ඡාවක් ලබා දී තත්ත්වය පැහැදිලිකර දී ජනතාවට කල යුත්තේ කුමක්ද යන්න පහදා දිමය. එය සිදුකර දීමට තරම් සාමාන්‍ය ගැටුම් නිරාකරණය කිරීමේ පාඩමක් වත් අදාල සහකාර පොලිස් අධිකාරිවරයාට නොතිබුණේය.

කෙසේ නමුත් මෙම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමටද ගොස් ඇති මුත් එයද ව්‍යර්ථව ගොස් තිබේ.

ගොවීන්ට පොලිසියෙන් බැටන් පොලු ප්‍රහාර.

සහකාර පොලිස් අධිකාරිවරයා ගොවි ජනතාවට බොරු ප්‍රකාශ ලබා දීමත් සමගම ගොවින් කිහිප දෙනෙකුම පරිශ්‍රයට ඇතුල්වීමට උත්සාහ කළේය.

එවිට පොලිස් නිලධාරීන් ඔවුන්ට පහර දුන්නේය. එම බටන් පොලු ප්‍රහාර ලබා දුන් නිලධාරීන් මුල් අවස්ථාවේම සමනල වැවේ බලධාරීන් එම ස්ථානයට ගෙන්වා සැබෑ තත්ත්වය පහදා දී ජනතාව කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කලේ නම් එවැනි තත්වයක් උදා වන්නේ නැත.

ජලය අක්කර අඩි 80000 න් ඉල්ලන්නේ 20000 යි.

පැමිණි සිටි ජනතාව ඉල්ලන්නේ ජලය අක්කර අඩි 20000 කි. වැවේ සමස්ත ධාරිතාව අක්කර අඩි 80000 ක් බව සදහන් විය. සති දෙකක කාලයක් වෙනුවෙන් එය ලබා දුන්නේ නම් මේ කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැත. එසේම පවතින කාලගුණයට අනුව ඉදිරියේදී අනිවාර්යෙන්ම විදුලි කප්පාදුවක් සිදුවනු ඇත. රටට බත සපයන ගොවි ජනතාව සුරකින්නේ නැතිනම්, ඔවුන්ගේ බත අපට සැපයෙන්නේ නැතිනම් සිදුවන්නේ සහල් අපනයනය කිරීමයි. එයින්ද වැනසෙන්නේ මෙරට මුදල්ය. ජනතාව ගැන නොහිතන මහපොලවේ පය නොගැසූ සමහර පාලකයන්ට මෙරට සහල් හෝ මෙරට ජනතාව අවශ්‍ය නැත. ඔවුන්ට සියල්ලම ලැබෙන්නේ පිටරටිනි. ගොවිජනතාව ඉල්ලන ජලය ප්‍රමාණය නිකුත් කලේ නම් සහල් ටික හෝ රටට ඉතිරිවනු ඇත. ඔවුන් රටට බරක් නොවී ජිවත් වනු ඇත.

පුද්ගලික විදුලිබලාගාර වලින් විදුලිය ගන්න වැවේ වතුර නිරපරාදේ ඉවත්කරලා!

මේ සියල්ලම මෙසේ සිදුවෙද්දී ඊයේ (05) හවස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා විදුලි බල ලොක්කන් පුද්ගලික විදුලිබලාගාර වලින් කොමිස් ගන්නා ආකාරය පැහැදිලි කළේය. එසේම ඔහු ප්‍රකාශ කලේ ඇඹිලිපිටියේ පිහිටි පෞද්ගලික විදුලිබලගාරයෙන් ලැබෙන කොමිස් මුදල් නිසා සමනලවැව ජලාශයේ වතුර හිතාමතාම නාස්තිකල බවට සැකපහල කරන බවයි. ඔහු විදුලිබල මාෆියාව ගැන වටිනා විග්‍රහයක් කළේය.

රටක් දියුණු කිරීමට කල යුතු එක දෙයක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් නිර්වචනය කරනු ලබන්නේ බොහෝ විට කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයන් සහිත, ආර්ථික හා සමාජීය වශයෙන් වඩාත් දියුණු වීමට උත්සාහ කරන දුප්පත් ජාතීන් ලෙස ය. නමුත් ලෝකයේ බොහෝ ප්‍රදේශ සංවර්ධනය වෙමින් පවතින අතර රටවල් ස්වල්පයක් දියුණු නම්, රටවල් සමෘද්ධිය සඳහා උත්සාහ කළ යුත්තේ ඇයි? දියුණු වීමෙන් ලබාගත හැක්කේ කුමක්ද, එය ජාතියකට වැදගත් වන්නේ ඇයි? එය මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදවයි. රටකට සංවර්ධනය වැදගත් වීමට පළමු හේතුව එය මිනිසුන් දිළිඳුකමින් මුදා ගැනීමයි.

දරිද්‍රතාවයේ ජීවිතය දුෂ්කර ය. දරිද්‍රතාවයේ ජීවත් වන පුද්ගලයින්ට බොහෝ විට අධ්‍යාපනය, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය, වෙනස් කොට සැලකීම් සහ යහපත් නිවාස සඳහා ප්‍රවේශය නොමැත. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් ‘දරිද්‍රතා උගුල’ ලෙස හඳුන්වන දෙයක – ඔවුන්ගේ තත්වයන්ගෙන් ගැලවීමට නොහැකිව සිටිති. රටක ජනතාවගේ දිළිඳුකමේ චක්‍රය බිඳ දැමීමට සහ ජනග්‍රහනයෙන් විශාල කොටසක් අසරණභාවයෙන් මුදා ගැනීමට සංවර්ධනය අත්‍යවශ්‍ය වේ. නමුත් එය භෞතික වශයෙන් පමණක් වූ සංවර්ධනයක් වූ විට ජනතාව දුක් විඳිති. ශ්‍රී ලංකාවටද සිදුව ඇත්තේ එයයි.

භෞතික සංවර්ධනය දුටු ශ්‍රී ලාංකිකයන් කායික, මානසික හෝ පාරිසරික සංවර්ධනය නොදුටු අතර මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍යම කොටස් සියල්ලම ඉවත්කර ඒ වෙනුවට ඔවුන් හඹා ගියේ මානව සංහතියේ විනාශය ලියවන භෞතික සංවර්ධනය පසුපසය. පාලකයන් රටට හදුන්වා දුන්නේද එයම පමණි. ජනතාව මේ වන විට එය වැළදගෙන තම විනාශය ලියමින් සිටිති.

රටවල් වඩාත් දියුණු වන විට, ඔවුන්ගේ පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට හැකි වේ. අපරාධ, සන්නද්ධ ප්‍රචණ්ඩත්වය හෝ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔවුන් පීඩාවට පත්වීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන්ට වඩා හොඳින් ආර්ථික පසුබෑම්වලට මුහුණ දිය හැකි අතර වඩාත් ගතික ආර්ථිකයන් නිර්මාණය කළ හැකිය. සංවර්ධිත රටවල් ද ප්‍රජාතන්ත්‍රවාදී වීමට වැඩි ඉඩක් ඇත . ඔවුන්ගේ පුරවැසියන්ට දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමට සහ ඇතුළත් දේශපාලන පද්ධති සහතික කිරීමට ඉඩ සලසයි.

නමුත් ජලය ඉල්ලා හඬා වැටෙන මිනිසුන් අවසානයේ ප්‍රචණ්ඩ වන්නේ අප ඉහතින් සදහන් කල සංවර්ධනය ශ්‍රී ලාංකික මානවයාගේ විනාශය ලියා තිබෙන බැවිනි.

මේ පිළිබඳව තවත් විඩියෝවක් පහතින්,

Exit mobile version