ජනපති සංචාරයක.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ සාමාජිකයන් ද හමුවීමට නියමිත බව සදහන්.

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබූ බව සදහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇති බව සදහන්.

Exit mobile version