ජනපති දිවයිනෙන් පිටව යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිත බව සදහන්.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අමෙරිකාව බලා තවත් වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතව තිබේ.

Exit mobile version