ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු වූ බව වාර්තා වේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන ද එම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

Exit mobile version