ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පෙරවරුවේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව වාර්තා වේ .
එමෙන්ම මෙම සංචාරයට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සමඟ එක් වුණි.
එහිදී යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ සිඳී ගිය ජල වළවල්වලට ජලය පිරවීමේ වැඩසටහනකට ද ජනාධිපතිවරයා එක් වූ බව සඳහන් .
