ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත් වූයේ ටෙලිකොම් සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ඉවත්කරමින්, ටෙලිකොම් විකිණීම සදහා වැඩ අල්ලා බව ජා.නි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ටෙලිකොම් සභාපති වශයෙන් සිටි රොහාන් ප්‍රනාන්දු මහතා ටෙලිකොම් විකිණීමට විරුද්ධව කටයුතු කළ අයෙකු බවත්, ඔහුව එම තනතුරෙන් ඉවත්කර අලුතෙන් සභාපතිකමට පත් කළ රියාස් මියුලර් යනු ටෙලිකොම් විකිණීමේ බ්‍රෝකර් කරුවකු බවත් ජයන්ත සමරවීර මහතා
අද(21) පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක දී අවධාරණය කර තිබේ.
රියාස් මියුලර් යනු ජනාධිපතිවරයා දැනට මාස කිහිපයකට පෙර ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ පුද්ගලයකු බවත්, ටෙලිකොම් විකිණීමේ බෝර්ක කරුවා වන්නේ ඔහු බවත් ජයන්ත සමරවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
ටෙලිකොම් ආයතනය ලාභ පිට ලාභ ලබන ආයතනයක් මෙන්ම ජාතික ආරක්ෂාවට වැදගත් මරමස්ථානයක් බවත් , මෙය මිල දී ගැනීමට සුභාෂ් අලිරාජා මේ වන විට සැදී පැහැදී බලාසිටින බවත් ජයන්ත සමරවීර මහතා තවදුරටත් අවධාරණය කර තිබේ .
