හෙට රට යන ජනපති.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සදහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වේ.

ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය.

එහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී Nikkei Asia Forum වෙතද එක්වීමට නියමිත බවට කරුණු අනාවරණය වේ.

Exit mobile version