ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ මෙම මස 18 වැනිදා සිට 21 දක්වා සමුළුව පැවත්වෙන බව සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 21 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.
එසේම ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට ද නියමිත බව සඳහන්.
