ජනපති චීනෙ යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම මස 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත ය.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version