2010-2015 පැවති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇති බව සදහන්.
ඉතිරි අක්කර 17ක භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12 ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කර තිබේ.
මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 95 කට ආසන්න මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.
ජනතාවගෙන් පවරා ගනු ලැබූ අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබාදීමටයි තීරණය කර ඇති බව සදහන්.
දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතයි.
