- විපක්ෂය නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රුවන් විජයවර්ධන.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී අවස්ථාව ලැබුණු බව ද රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
