අවුරුදු සමය තුළ හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකම එළවළු ඇතුළු සමහර භාණ්ඩවල මිල ගණන් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
මෙම උත්සව සමයේ තක්කාලි , මාළු මිරිස් , අමු මිරිස් , වම්බටු වැනි එළවළු ද පොල්, බිත්තර , මුං ඇට , පොල් තෙල් ආදියෙහි මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් , පසුගිය සතියට සාපේක්ෂව මෙසේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ දමා ඇති බවත් , මෙම ප්‍රදේශවල ඇතැම් වෙළෙඳුන් විසින් මේ ආකාරයට මිල ඉහළ දමා ඇති බවත් , සෑම උත්සව සමයක දීම මෙසේ මිල ගණන් ඉහළ දමන බවත් පාරිභෝගිකයින් ප්‍රකාශ කර තිබේ.
නමුත් මෙම තත්ත්වයට හේතුව එළවළු තොග ගණන්වල මිල ඉහළ යාමත් , බිත්තර , පොල් , පොල් තෙල් ආදිය හිඟ වීමෙත් බව වෙළෙඳුන් ප්‍රකාශ කරන ලදී.
