බඩු මිල යළි අඩු කරයි.

ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් අඩු කර ඇති බවට වාර්තා වේ.

ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ පහත සදහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කර ඇති බවත් අද (01) සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් එම මිලට පාරිභෝගිකයින්ට එම භාණ්ඩ ලබා ගත හැකි බවයි.

ඒ අනුව,

පාන් පිටි කිලෝ 01-රු.210.00
ලොකු ලූණු කිලෝ 01-රු.115.00
රතු පරිප්පු කිලෝ 01-රු.314.00
සුදු සීනි කිලෝ 01-රු.229.00
කඩල කිලෝ 01-රු.545.00
සුදු නාඩු කිලෝ 01-රු.175.00

Exit mobile version