අවුරුදු උත්සව සමයත් සමඟ රසකැවිලි මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
සීනි , පොල් , පොල් තෙල් , මුං ඇට ඇතුළු අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ රස කැවිලි වල මිල ගණන් ඉහළ ගොස් ඇති බව රසකැවිලි නිෂ්පාදකයන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව උදුපිටිවල මිල ඉහළ යාමත් සමග පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වාත් , කොකිස්වල මිල රුපියල් 30ක් දක්වා ද , ආස්මියක මිල රුපියල් 120ක් දක්වා ද , කැවුමක මිල රුපියල් 60 ත් 100 ත් දක්වා ද ඉහළ ගොස් ඇති බව සඳහන්.
