සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පහත සදහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ හෙට (09) දින සිට නව මිල ගණන් යටතේ ලබා ගත හැකි බව සදහන්.
නව මිල ගණන් පහතින්,
මුං ඇට 1kg රු.1225.00
වියළි මිරිස් 1kg රු.1290.00
රතු පරිප්පු 1kg රු.299.00
රතු නාඩු 1kg රු.200.00
හාල්මැස්සන් 1kg රු.1140.00
පාන් පිටි 1kg රු.200.00
සෝයා මීට් 1kg රු.650.00
