ප්‍රමිතියෙන් තොර එන්නතක් නිසා විදුහල්පතිනිය මරුට.

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මියගොස් ඇති බව වාර්තා වේ.

හර්නියා රෝගී තත්ත්වයකින් පසු වූ විදුහල්පතිනිය සැත්කමකට භාජනය කිරීමට පෙර ලබා දී ඇත්තේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතකැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සදහන් කර තිබේ.

ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සදහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ මෙම නිර්වින්දන එන්නතම බවද එම කාන්තාවද එන්නත ලබාගත් පසුව මියගිය බවට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version