උසස් පෙළ කල් දැමීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට .

උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙසට අද (19) පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිනී විජේරත්න යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ දරුවන්ගේ අයිතිවාසිකම් නැති කිරීම වැරදි දෙයක් බවත් , උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් දුෂ්කර පළාත් වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නොමැති බවත් , ශිෂ්‍යයින්ට වසර දෙකහමාරක් හිමි උසස් පෙළ පන්තිය 2023 පළමුවැනි වාරයට යන දරුවන්ට අහිමි වන බවත්ය .

එමෙන්ම නොවැම්බර් මාසයේ විභාගය තිබෙන බව ගුරුවරුන්ට බලකල විට ගුරුවරු ඒ විෂය නිර්දේශය කෙටි කලකින් අවසන් කරන විට පළමුවැනි වරට විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවන්නේ විශාල පාඩුවක් බවත් , දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ද ඉන් පාඩුවක් සිදුවන බවත් , හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ බලාපොරොත්තු සුන් වූ විට දෙවැනි වර ලිවීමට කාලයක් අවශ්‍ය බවත් ඇය අවධාරණය කරන ලදී .

Exit mobile version