අනියම් බිරිඳ පොළොවේ ගසා මරා දැමුවාට හිමි වූ දඩුවම.

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කර ඇති බව වාර්තා වේ.

පයාගල, හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචි නෙවිල් ප්‍රනාන්දු  යන අයට මෙසේ මරණ දඩුවම නියම කළ බව සදහන්.

පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොළවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බවට අධිකරණයේදී අනාවරණය වි තිබේ.

Exit mobile version