නිවෙස් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මතුගම ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ භාණ්ඩ සොරාගෙන ඇති අතර ඒ සම්බන්ධව විමර්ශණ සිදු කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට මතුගම පොලිසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිසේ ප්‍රධාන සැකකරු ‘හාවා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර දෙවන සැකකරු බෙගා නමින් හඳුන්වන බවට පොලිසිය පවසා තිබේ.
මෙම හාවා සතුව හක්කපටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත බෝම්බයක්ද තිබුණු බවට පොලිසිය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
