ගැටුමට මුල් වූ දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම්.

දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී ඊයේ මෙම ගැටුම ඇති වූ බව සදහන්.

එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කරන්නේ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.

Exit mobile version