අම්බලන්තොට වෙඩි තැබීමට හේතුව හරක් ආරවුලක්ලු.

අද (19) අලුයම අම්බලන්තොට , කොග්ගල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමට හේතුව හරක් සොරකමක් බවට සැක පළ කරන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා කඩවර ඉෂාර නැමැත්තාගේ මාමණ්ඩිය බව සදහන් වේ. අද (19) අලුයම කඩවර ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසට මෙම සැකකරුවන් තිදෙනා ගොස් ඇති අතර ඉන් එක් අයෙක් එම නිවසේ ජනේලයෙන් කාමරයකට එබීබලා ඉෂාර නැමැත්තා ඉන්නවාදැයි සොයා බලා තිබේ. එම අවස්ථාවේ මරණකරුගේ මිනිපිරිය අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිට ඇති අතර මෙම සැකකරු දැක බිය වී ඇය කෑ ගසා තිබේ. පසුව මරණකරු විසින් විදුලි පන්දමක් රැගෙන ඒ සම්බන්ධයෙන් සෙවීමට නිවසේ පිටුපස දොරින් පිටතට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ .

Exit mobile version