ඒක පුද්ගල ණය ඉහළ යාමට හේතුව .

ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවට පළවන වාර්තාවලට පිළිතුරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දී තිබේ.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ණය බර වැඩිවීම මේ තත්ත්වයට සැලකිය යුතු බලපෑමක් කර ඇති අතර එය දැනට දළ වශයෙන් 90% ක් පමණ වන බවට ඔහු පැවසුවේය. 
 
එමෙන්ම 2020 සිට 2023 දක්වා කාලය තුළ රුපියල දළ වශයෙන් 45% කින් අවප්‍රමාණය වීම ද මේ සඳහා බලපා ඇති බවට අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු අවබෝධ කර ගැනීම සඳහා හුදු සංඛ්‍යාත්මක ගණනය කිරීම්වලින් ඔබ්බට බැලීමේ වැදගත්කම ද අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version