ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ.
මගීන් 301 දෙනෙකු සමග “ඒ 330 – 300” එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු යානය නැවත ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වු බව සදහන්.
එහිදී මගීන් හෝ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවට ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බවට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ.
