දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම තවදුරටත් .

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවට එම අධිකාරිය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවට මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කළේ අදාළ මාර්ග කොටසේ නාය යෑම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවයි.
 

Exit mobile version