රක්ෂිතය සුද්ද කළ 5 ක් දැලේ.

රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කැලෑ හෙළි පෙහෙළි කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

පොලිස් විශේෂ කාර්‍ය බලකා පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුච්චවේලි පොලිස් වසමේ පෙරිය ආලම්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රක්ෂිතය තුළට අනවසරයෙන් ඇතුළු වී අක්කර 4 ක පමණ භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සැකකරුවන් වැඩි දුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී පුර බීට්ටු අඩවි වන කාර්‍යාලය වෙත භාර දී ඇති බව සඳහන් .

Exit mobile version