පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් channel 4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තවත් විහිළුවක් පමණක් බව අති උතුම් මැල්කම් රංජිත් කාදිමල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කරයි.
අන්තර්ජාලය නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ මීට පෙරද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පර්යේෂණ, කොමිසම් රැසක් ක්‍රියාත්මක වූ නමුත් මේ දක්වා යුක්තිය ඉටු නොවූ බවයි.
එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ස්වාධීන හා අපක්ෂපාතී ජාත්‍යන්තර මැදිහත් වීමකින්ද සමන්විත විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඒ සඳහා මෙම අපරාධය සම්බන්ධ සුලමුල මුල් අවස්ථාවේදීම අනාවරණය කර ගත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සේවය ලබා ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරයි.
වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,
