ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සදහා පනවා තිබු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
ගත වූ පැය 24 තුළ ගිංගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති නොවීම හේතුවෙන් හා තවලම සහ බද්දේගම ජල මිනුම් ස්ථානවලින් වාර්තා වූ ඉහළ ජල මට්ටම පහළ යමින් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බවට එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 28 වැනි දින සිට ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය මෙලෙස ඉවත් කර තිබේ.
