ළමුන් ශ්‍රමිකයන් වීමේ අවධානම වැඩීයි.

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ළමුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ අවධානම වැඩි වී ඇති බවත් , ළමුන් පාසල් හැර යාමේ තත්ත්වයක් සහ ළමුන් පාසල් නොයැවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත් ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙරට නීතියට අනුකූලව අවුරුදු 16 ත් 18 ත් අතර වයස්වල පසුවන ළමුන්ගේ ජීවිතයට , සෞඛ්‍යයට , සදාචාරයට හෝ අධ්‍යාපනයට හානි වන අයුරින් සහ ඔවුන්ව රාත්‍රී සේවයන්හි යෙදවීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් නමුත් මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් ඉපයීම සඳහා ළමුන්ගේ කැමැත්තකින් තොරව ඒ සඳහා යෙදවීමේ ප්‍රවණතාවක් පවතින බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version