සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රන් මාල කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙක් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොවුන් මොනරාගල රෝහලේ සුළු සේවිකාවකගේ රන් මාලයක් කොල්ල කා ඇයට පහර දී මහ මග දමා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
මෙම කොල්ලකෑම් සඳහා යොදා ගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
