උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන වෙනස් වෙයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන සංශෝධනය කරන බවත් නව කාලසටහන මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුලු තවත් දුම්රිය කිහිපයක ධාවනය ආරම්භක වේලාවන් වෙනස් වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version