බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙය ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වු දුම්රිය බවත් පැය 5 කට පසු එය පීලිගත කර මාර්ගය යථාතත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
